ශ්රී ලංකාව - රාජ්ය මූල්ය විමර්ශනය
Overview & Synopsis
ශ්රී ලංකාවේ සිදු වෙමින් පවතින රාජ්ය මූල්ය ගැළපුම (fiscal adjustment) 2021 වසරේ සිට ගත් කළ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 8%කට ආසන්න වේ. මෙය මීට පෙර ශ්රී ලංකාවෙහි සහ ජ්යාතන්තරයෙහි සිදු වී ඇති රාජ්ය මූල්ය ගැළපුම් හා සසඳන විට ඉතා විශාල අගයකි. මෙම රාජ්ය මූල්ය ගැළපුම ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, රාජ්ය මූල්ය අසමතුලිතතා අවම කර ගැනීම සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ගොඩනැගීම යන කාරණා සඳහා තීරණාත්මක විය. ශ්රී ලංකාවෙහි සාර්ව ආර්ථික ස්ථාවරත්වය මේ වන විට බොහෝ දුරට යථා තත්ත්වයට පත් වී ඇති හෙයින්, රටට දැන් වඩාත් සමතුලිත රාජ්ය මූල්ය උපායමාර්ගයක් සලකා බැලිය හැකිය. තියුණු රාජ්ය මූල්ය ගැළපුම හේතුවෙන් වක්ර බදු ඉහළ යාමත් රාජ්ය අංශයේ මූර්ත වැටුප් සැලකිය යුතු මට්ටමකින් පහත වැටීමත් ගෘහ ඒකක කෙරෙහි අහිතකර ලෙස බලපෑවේය. ඊට අමතරව, රාජ්ය මූල්ය ගැළපුම තුලින් සිදුවූ රාජ්ය ආයෝජන අඩු වීම මන්දගාමී ආර්ථික වර්ධනයකටද දායක විය. රටෙහි ණය ඉලක්ක සපුරා ගැනීම සඳහා ප්රාථමික ශේෂයේ සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ විවිධ සංකලනයන් ඇති බැවින්, ශක්තිමත් රාජ්ය මූල්ය ස්වාරක්ෂක, ආර්ථික වර්ධනය, සාධාරණත්වය, සහ තිරසාරත්වය යනාදිය වඩාත් සමතුලිත අයුරින් පවත්වා ගත හැකි ලෙස රාජ්ය මූල්ය ප්රතිපත්තිය යළි සංශෝධනය කිරීම පිළිබඳව ශ්රී ලංකාවට සලකා බැලිය හැක. මෙම රාජ්ය මූල්ය විමර්ශනය (Public Finance Review) මගින් විශ්ලේෂණය කරනු ලබන්නේ ශ්රී ලංකාව තුළ දැනට සිදු වෙමින් පවතින රාජ්ය මූල්ය ගැළපුම වඩාත් තිරසාරව, සාධාරණව හා ආර්ථික වර්ධනයට හිතකර වන අන්දමින් සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි. මෙම විමර්ශනයට අනුව, (i) සාධාරණත්වයට හා ආර්ථික වර්ධනයට හානි නොවන අන්දමින් 2029 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5-2.0%ක අමතර ආදායමක් උපයා ගැනීමට සහ (ii) තව දුරටත් රාජ්ය වියදම් කප්පාදු කිරීම් හෝ ඉහළ නැංවීම් ප්රායෝගික නොවන බැවින්, වත්මන් වියදම් සීමාව තුළ හිඳිමින් වියදම්වල කාර්යක්ෂමතාව හා සාධාරණත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීමට පවතින ඉඩකඩ නිසා, ශ්රී ලංකාවට මෙම සමබරතාව අත්පත් කර ගැනීමට හැකියාව ඇත. මෙහිදී, රාජ්ය ආදායම් අංශය සලකා බලන විට, ඍජු බදු මත ඇති යැපීම ඉහළ නැංවීම, බදු පරිපාලනය නවීකරණය හා ඩිජිටල්කරණය කිරීම, සහ බදු ගෙවීම දිරිගැන්වීම මීට ඇතුළත් වේ. රාජ්ය වියදම් අංශය සලකා බලන විට, වැටුප් කළමනාකරණය වැඩි දියුණු කිරීම, යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු සකස් කර ගැනීම සඳහා ප්රාග්ධන වියදම් තුළ ලබා දෙන ප්රමුඛත්වය ඉහළ නැංවීම, සහ සමාජ ආරක්ෂණය නිසි ප්රතිලාභීන් වෙත ඉලක්කගත කිරීම මීට ඇතුළත් වේ.
documents.worldbank.org)
← / → for pages • + / - for zoom • 0 to fit width
Powered by Mozilla PDF.js v3.11
Document Information
| Document Title | ශ්රී ලංකාව - රාජ්ය මූල්ය විමර්ශනය |
|---|---|
| Author / Organization | World Bank |
| Subject & Discipline | Central Government (Central Agencies) |
| Categories | Economics & Development |
| Publication Year | 2025 |
| License / Rights | Creative Commons Attribution 4.0 (CC BY 4.0) |
| Resource Verification | Listed PDF (Verification Pending) |
| Original Host Website |
World Bank Documents & Reports
(documents.worldbank.org)
|
| File Format | application/pdf (Portable Document Format) |
| Language | EN |
| Catalog ID | DOC-223753 |
| Original Source Link | Visit Source Page on documents.worldbank.org » |